සතර දෙවන සිසු කැළ වෙත අදරින
දින දින විදුහල් මෑණි
නමදිමු බැතිවෙන් කිතුල්කොටේ අප
පෙම්බර විදුහල් මැණි
අපි එක පියුමක විහිදෙන පෙති මෙන්
පිබිදෙමු සමඟි දමේ.........//
ඔබේ පා සෙවනේ සිප් කිරි බී අපි ......//
ගයමු වයමු ගුණ ගී ......//
මගෙ රට මගෙ දැය මගේ බස සමයට
ඔබමය එක ජීවේ.........//
ඔබේ නම කිතුගොස දස දෙස පතුරන
සිසු දරු කැළ අප වේ........//
බස රැස ඔසවා ගුණදම් සපුරා
දෑ හැගුමෙන් මත් වී......//
ජයබිම රුහුණේ කීර්ති ප්‍රදීපය ........//
දල්වමු අපි එක් වී .........//
සතර දෙවන සිසු කැළ වෙත අදරින
දින දින විදුහල් මෑණි
නමදිමු බැතිවෙන් කිතුල්කොටේ අප
පෙම්බර විදුහල් මැණි





