මො/කිතුල්කොටේ මහා විද්‍යාලය

අන්තර් පාසල් දුරුතු මහා සටන

WhatsAppImage2024-10-16at081710_0c760a9d.jpeg
WhatsAppImage2024-10-16at081710_0c760a9d.jpeg

විදුහල්පති පණිවිඩය

කේ.ජි.කේ.ඩබ් සංජීව මයා

මො/කිතුල්කොටෙි මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. 

යහපත් සාමාජයක් බිහි කරනු වස් යහ ගුණ ධර්ම වලින් පිරි අනාගතයේ ඇති විය හැකි යැයි සිතන අභියෝගයන්ට අධිෂඨානශිලීව මුහුණු දීමේ හැකියාවන්ගෙන් පූර්ණ පුද්ගලයෙකු බිහිකිරීම අරමුණු කොට ගත් සමාජ මධ්‍යස්ථානයක් ලෙස මෙම විද්‍යාලයද හඳුන්වා දිය හැකිය. විවිධ වූ සමාජ ස්ථාරයන්ගෙන් සැඳුම්ලත්  දෙමාපිය සමුච්චයකගේ  දූ දරු වන් අප විද්‍යාලයට දැනුම සොයා පැමිණෙයි. ඒ නිසාම විෂම සාමාජ ගති පැවතුම් හා බුද්ධි මට්ටම් වල දරුවෝද අප පාසල් ප්‍රජාව තුළ අන්තර්ගත බැවින් ඔවුන් දැනුම, කුසලතා හා  ආකල්ප අතින්ද විවිධාකාරය. 

මේ නිසා අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති හා අරමුණු වලට පාසල පවත්වා ගෙන යාමේ දී හා සැලසුම් සකස් කිරීමේ දී එම දරුවන්ට ගැලපෙන අයුරින් විචාරශිලිව වෙනස්කම් වලට භාජනය කළ යුතුව පවති. ඒ අනුව දරුවන්ට ඉගෙනුම් ක්‍රියාවලියට අනුගත කර ගැනීම සඳහා විශාල කැප කිරීම් සහ වෙහෙසීම් අතවශ්‍යව පවති. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල 90% ක් දක්වාත්, (සා/පෙළ) ප්‍රතිඵලත් ඉහළ මට්ටමක පවත්වා ගෙන යන ආචාර්ය මණ්ඩලය මනා කැපවීමකින් කටයුතු කරන බවද නොරහසකි. කෙසේ වූවද ගුරු මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ කැපවීම මත අනධ්‍යන කාර්ය මණ්ඩලයේද නොමඳ සහයෝගය තුළින් රටට දැයට වැඩදායි දරු පරපුරක් සාමාජ ගත කිරීම මාගේ පරම අභිලාෂයයි.  

කේ.ජි.කේ.ඩබ් සංජීව මයා
විදුහල්පති
මො/කිතුල්කොටෙි මහා විද්‍යාලය.